ශ්‍රී ලංකාවට එරෙහිව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක්

තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය, T20‍ පිටියේ අංක එක වෙයි...

by Staff writer 20-09-2026 | 7:02 AM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර T20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ ශ්‍රී ලංකාව සමග පැවැති තුන්වැනි තරගය කඩුලු 8කින් ජය ගැනීමත් සමගයි.

ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

මැන්චෙස්ටර්හීදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.