.webp)
 (4)-624442.jpg)
අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස කොළඹ සුළු හිම්කම් අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ ඩිජිටල් පද්ධතිය ඊයේ (23) ආරම්භ කළ බවයි.
ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව ඉදිරි සති දෙක තුළ දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ සඳහාද එම ඩිජිටල්කරණය ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ ය.
