ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 04-10-2026 | 2:21 PM

COLOMBO (News 1st) - වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් සහ ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ප්‍රදේශවලට සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවයි.

මේ අතර, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි ය.

තවද මන්නාරම සිට පුත්තලම, කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.