.webp)
-625241.jpg)
පොලීසිය පැවසුවේ, ඊට අදාළ දැනුම් දීම තංගල්ල කාල්ටන් නිවස වෙත යොමුකළ බවයි.
ඇයගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' සංවිධානයේ ගනුදෙනු පිළිබඳව මේ වනවිට සිදුවන පුළුල් විමර්ශන ක්‍රියාවළියකට අදාළව එම කැඳවීම සිදුකර තිබුණි.
විදෙස් ගතව සිටි ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණියේ ඊයේ(05) රාත්‍රියේයි.
ඒ මැලේසියාවේ සිට පැමිණි MH 179 ගුවන් යානයෙන්
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීම් ලද, ඇය වෙනුවෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.
එමගින් ඇය දැනුම් දුන්නේ තමන් ප්‍රතිකාර ගෙන යළි දිවයිනට පැමිණිමේදී ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවටයි.
ඒ හේතුවෙන්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ද ඇය මෙම අපේක්ෂිත ඇපයෙන් ඉල්ලා තිබුණි.
පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයායි.
මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සදහා සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුවට පිටත්ව ගියාය.
ඒ සැප්තැම්බර් 24 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි ඇයට දැනුම් දී තිබියදී.
