ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණෙයි...

අත්අඩංගුවට නොගන්නැයි අපෙක්ෂිත ඇප ඉල්ලූ, ශිරන්ති රාජපක්ෂ දිවයිනට.

by Staff writer 06-10-2026 | 7:11 AM

COLOMBO(News1st) - විදෙස් ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණියා ය.

ඒ ඊයේ(05) රාත්‍රී 11.20ට පමණ මැලේසියාවේ සිට පැමිණි ගුවන් යානයකින්.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීම් ලද, ඇය වෙනුවෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.

එමගින් ඇය දැනුම් දුන්නේ, තමන් ප්‍රතිකාර ගෙන යළි දිවයිනට පැමිණිමේදී ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවටයි.

ඒ හේතුවෙන්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ද ඇය මෙම අපේක්ෂිත ඇපයෙන් ඉල්ලා තිබුණි.

පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයායි.

මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය මස 16 වැනිදා සිංගප්පූරුවට පිටත්ව ගියා ය.

ඒ, පසුගිය 24 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබියදීයි.

ඇගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය' සංවිධානයේ ගනුදෙනු පිළිබඳව මේ වනවිට සිදුවන පුළුල් විමර්ශන ක්‍රියාවළියකට අදාළව එම කැඳවීම සිදුකර තිබුණි