.webp)

2026 ඔක්තෝබර් මාසයේ මාලදිවයිනේ මාලේ නගරයේ පැවති මෙම සම්මාන උළෙලේදී Fox Resorts වෙත හිමි වූ මෙම සම්මානය, ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර සන්නාමයක් ලෙස වසර දහයක් පුරා ගොඩනඟාගත් ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.
ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරයේ අනන්‍යතාව
මිනිසුන්ට ප්‍රමුඛත්වය ලබාදීම, අව්‍යාජ සේවාව, අමතක නොවන ආහාර අත්දැකීම්, වගකීම්සහගත සංචාරක කර්මාන්තය සහ දේශීය පරිසරයට හා සංස්කෘතියට ඇති සමීප සබඳතාව Fox Resorts සන්නාමයේ මූලික වටිනාකම් වනවා.
Fox Jaffna සහ Fox Kandy යන හෝටල් දෙක හිමිකාරීත්වය දරමින් පවත්වාගෙන යන සමාගම, අමුත්තන්ට සුවිශේෂී අත්දැකීම් ලබාදීමට කැපවී සිටිනවා. සශ්‍රීක උද්‍යාන, පිහිනුම් තටාක, පක්ෂි ජීවිතය, උරුමයන්, කලාව සහ මනරම් ස්වාභාවික පරිසරය මෙම හෝටල්වල සුවිශේෂීත්වය ඉස්මතු කරනවා.
මීට පෙර Fox Jaffna හෝටලය අඛණ්ඩව වසර තුනක් SATA හි ‘Leading Heritage Hotel’ සම්මානය දිනාගැනීම ද Fox Resorts සන්නාමයේ කලාපීය පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වී තිබෙනවා.
මානව සම්පතට සහ තිරසාරත්වයට ප්‍රමුඛත්වය
මෙම සම්මානය හෝටල් සංවර්ධනයෙන් ඔබ්බට ගිය පුළුල් දැක්මක් වෙනුවෙන් Fox Resorts දක්වන කැපවීම ද ඇගයීමට ලක් කරනවා.
Fox Faculty වැඩසටහන හරහා අනාගත ආගන්තුක සත්කාර වෘත්තිකයන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා සමාගම ආයෝජනය කරන අතර, Fox Vacations හරහා දේශීය සහ විදේශීය සංචාරක සේවා ද සපයනු ලබනවා.
පරිසර හිතකාමී මෙහෙයුම් පවත්වාගෙන යාම ද Fox Resorts හි ප්රමුඛ අරමුණක්. ඒ යටතේ ජල සංරක්ෂණය, අපජලය නැවත භාවිත කිරීම, සූර්ය බලශක්තියෙන් ජලය උණු කිරීම, එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් අවම කිරීම, වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සහ තුවා හා ඇඳ ඇතිරිලි නැවත භාවිත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම දේශීය කලාකරුවන් හා නිර්මාණකරුවන් සමඟ කටයුතු කිරීම, ප්‍රජා සහ සත්ත්ව සුබසාධන වැඩසටහන්වලට සහාය වීම සහ Global Sustainable Tourism Council (GSTC) තිරසාර සංචාරක රාමුවට අනුකූල වීමේ කටයුතු ආරම්භ කිරීම ද සමාගමේ ක්‍රියාකාරීත්වයට ඇතුළත්.
‘ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැඟීමේ පදනම මිනිසුන්’
The Capital Maharaja Group හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී (Group CEO) සුරේෂ් ශ්‍රීනිවාසන් මහතා සඳහන් කළේ, මෙම සම්මානය මිනිසුන් වෙනුවෙන් ආයෝජනය කිරීම සහ ඔවුන්ට වර්ධනය වීමට අවස්ථා ලබාදීම තුළින් ශක්තිමත් ව්‍යාපාර ගොඩනැඟිය හැකි බවට කදිම සාක්ෂියක් බවයි.
Fox Resorts, එම දර්ශනය ප්‍රායෝගික ව්‍යාපාරික සාර්ථකත්වයක් බවට පරිවර්තනය කරමින්, සිය සේවකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයට අර්ථවත් දායකත්වයක් ලබාදීමටත් සමත් වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මාධ්‍ය, පාරිභෝගික නිෂ්පාදන, කර්මාන්ත, තාක්ෂණය, සේවා, සංචාරක සහ ආගන්තුක සත්කාර ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරික කටයුතු සිදුකරන The Capital Maharaja Group, ශ්‍රී ලංකාවේ ස්ථාපිත විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා.
දෙසැම්බර් මාසයේදී යාලට නව සුඛෝපභෝගී සුවතා හෝටලයක්
Fox Resorts හි ඉදිරි ව්‍යාප්තියේ තවත් සුවිශේෂී පියවරක් ලෙස 2026 දෙසැම්බර් මාසයේදී යාල, කිරින්ද ප්‍රදේශයේ නව සුඛෝපභෝගී සුවතා හෝටලයක් විවෘත කිරීමට නියමිතයි.
වෙරළාසන්න ස්වාභාවික පරිසරයක පිහිටන මෙම නව හෝටලය තුළින් ආයුර්වේද ආභාසය සහිත ප්‍රතිකාර, යෝගා, භාවනා, පෝෂණය, සිහියෙන් යුතුව ජීවත්වීමේ පුහුණුව සහ විශේෂයෙන් සැලසුම් කළ සුවතා වැඩසටහන් ඇතුළත් අත්දැකීම් ලබාදීමට අපේක්ෂා කරනවා.
Fox Resorts හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ක්‍රිස් ක්වින් මහතා සඳහන් කළේ, මෙම සම්මානය තම කණ්ඩායමේ කැපවීම සහ අමුත්තන් වෙනුවෙන් දිනපතා ලබාදෙන සැලකිල්ල, අඛණ්ඩ සේවාව සහ උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබිඹු කරන බවයි.
යාල ප්‍රදේශයේ නව හෝටලය සහ සුවතා සංචාරක ක්ෂේත්රය වෙත ව්‍යාප්ත වුව ද, අමුත්තන්ට ප්‍රමුඛත්වය ලබාදීම සහ සේවාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සමාගමේ මූලික වටිනාකම් ලෙස අඛණ්ඩව පවතිනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
2016 වසරේදී ආරම්භ කරන ලද South Asian Travel Awards සම්මාන උළෙල, සංචාරක, සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරන කලාපීය වේදිකාවක්. ඒ සඳහා ඉදිරිපත් වන නාමයෝජනා ස්වාධීන ක්ෂේත්‍ර ඇගයීම් සහ මහජන ඡන්ද විමසීම් ඇතුළත් ක්‍රියාවලියක් හරහා ඇගයීමට ලක්වනවා.
Fox Resorts වෙත හිමි වූ මෙම ජයග්‍රහණය, සමාගමේ වසර දහයක ගමන්මඟ, එහි කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ඉදිරි වර්ධනය වෙනුවෙන් තබන තවත් වැදගත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකියි.
මෙම සම්මානය Fox Resorts කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ සාමූහික ජයග්‍රහණයක් වන අතර, එම ගමන්මඟ සමඟ එක්වූ සෑම අමුත්තෙකුගේම දායකත්වය ද එහි අගය තවදුරටත් ඉහළ නංවනවා.
