කළුතර අවන්හලක වෙඩි තැබීමක් : හිමිකරු මරුට

කළුතර, නාගොඩ අවන්හලක වෙඩි පත්තු වෙයි, හිමිකරු මරුට, බිරිඳට තුවාල

by Staff writer 09-10-2026 | 10:18 AM

COLOMBO(News1st) - කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බවයි.

ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි