නේපාලයට යළිත් හදිසි ගංවතුර තත්ත්වයක්...

නේපාලයට යළිත් හදිසි ගංවතුර තත්ත්වයක්...

by Staff writer 11-10-2026 | 11:42 AM

COLOMBO (News1st) - නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ බුධි ගන්ධකී ගංගාවේ හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් නිවාස කිහිපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

ගංවතුර හේතුවෙන්, පුද්ගල මරණ හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නෑ..

ගඟ දෙපස ජීවත්වන ජනතාවට වහාම උස් බිම් වෙත යන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

මුලික වාර්තාවලට අනුව සියුරිබාස් ප්‍රදේශයට ඉහළින් සිදු වූ නායයෑමක් හදිසි ගංවතුරට හේතු වී ඇතැයි, විදෙස් වාර්තා වල සඳහන් ය.

ගංවතුරට ලක්වූ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එරට බළධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය ගුවනින් නිරීක්ෂණයට නේපාල හමුදා යානයක් යොමු කර ඇතැයි සඳහන් ය.

බුධි ගන්ධකී යනු ත්‍රිශූලි ගඟේ අතු ගංගාවක් වෙයි.

එය පසුගිය අගෝස්තු මාසයේදී 1,457 දෙනෙකුට මරු කැඳවූ ගංවතුර හටගත් ගංගාවට පහළින් පිහිටා ඇතැයි සඳහන් ය.