.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්රදේශවලට පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පැවසුවේ, දැදුරු ඔය ජලාශයේ පහත් ප්රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසයි.
පවතින අධික වැසි හමුවේ දිස්ත්රික්ක 8 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.
නුවරඑළිය දිස්ත්රිකකයේ මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න හා රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ හා කොළොන්න ප්රදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, රත්නපුර යන දිස්ත්රික්ක සඳහායි.
