.webp)

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාර ගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන, ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය මණ්ඩල වාර්තාව අද (15) සවස 4 වනවිට රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිත වේ.
ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර පැවසුවේ, එම මණ්ඩලයට වෛද්යවරුන් 14 දෙනෙක් ඇතුළත් බවයි.
ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ප්රතිකාර කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්ය මණ්ඩලය මගින් සිදු කරනු ඇති.
ඇයට එරෙහිව රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හෙට (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.
පෙරේදා (13) නඩුව කැඳවූ අවස්ථාවේ හෘද රෝගී තත්ත්වය හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ එදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව ඇගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.
ඒ , රුපියල් මිලියන 10 ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව පෙරේදා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
