වැලිගම, කප්පරතොට වෙරළේ තිබී හොරොයින් තොගයක් සොයා ගැනේ..

by Staff writer 15-10-2026 | 10:22 AM

COLOMBO (News 1st) - වැලිගම, කප්පරතොට වෙරළ තීරයේ උර 6ක තිබී හෙරොයින් බවට සැකකෙරෙන විෂ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

ඒ පොලිසි විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා වෙරළ ආරක්ෂක බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.

එම ස්ථානයේ තිබී සැටලයිට් දුරකථන 2 ක් හා ස්ටාර්ලින්ක් පද්ධතියක් ද සොයාගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.