.webp)

කළු ගඟ, මිල්ලකන්දෙන් පවතින්නේ, ගංවතුර අවදානම් මට්ටමේයී.
අත්තනගලු ඔය දූනමලේ ප්රදේශයෙන් ද, ගංවතුර අවදානම් මට්ටමේ පවතියි.
ඒ අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
දිවයිනේ බොහෝ ප්රදේශවල අද(17) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනූව බස්නාහිර, සබරගමුව, මධ්යම සහ උතුරු-මැද පළාත්වලටත් ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ගිගුරුම් සහිත වැසි සමග එම මුහුදු ප්රදේශවල පැයට කිලෝමීටර් 60 - 70ත් දක්වා තද සුළං ඇති විය හැකියි.
පවතින අධික වැසි හමුවේ දිස්ත්රික්ක 7කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම අඛණ්ඩව ක්රියාත්මක වේ.
බදුල්ල, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කළුතර, මහනුවර සහ කුරුණෑගල දිස්ත්රික්ක වල ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක්, ඒ අතරට ඇතුළත් වේ.
