18ට අඩු දරුවන්ට ඇස් කණ්ණාඩි ගන්න 50,000ක ආධාර...

18ට අඩු දරුවන්ට ඇස් කණ්ණාඩි ගන්න 50,000ක මූල්‍යාධාරයක්

by Staff writer 17-10-2026 | 9:02 AM

COLOMBO(News1st) - වයස අවුරුදු 18ට අඩු දෘශ්‍යාබාධ සහිත දරුවෙකු සඳහා ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සදහා රුපියල් 50,000ක මූල්‍යාධාරයක් ලබාදෙන බව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශය සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදුකර ඇස් කණ්ණාඩි ලබාදී ඇති බවයි.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ඇස් කණ්ණාඩි ඇතුළු ආධාරක උපකරණ ලබාදීම වෙනුවෙන් 2026 අය වැයෙන්, රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කර තිබේ.