බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල

පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මීඔය පාලම අසළදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල - පොලීසිය

by Staff writer 17-10-2026 | 7:27 AM

COLOMBO(News1st) -පුත්තලම - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පුත්තලම, මීඔය පාලම අසළදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ(16) රාත්‍රී 10.15 ට පමණ කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

තුවාලකරුවන් අතර කාන්තාවන් 7 දෙනෙකු සහ 8 හැවිරිදි දැරියක්ද සිටී.

අනතුරින්, රියැදුරු සහ රිය සහයක ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ඔවුන් පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදුව ඇත්තේ, වැසි සහිත කාලගුණයත් සමග බස් රථය ලිස්සා ගොස් මාර්ගය හරහා පෙරළී යාමෙන්.