.webp)

එම දෙපාර්තමේන්තුව පවසුවේ, අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ නිළධාරීන්ද ඇතුළුව විශේෂඥ කණ්ඩායමකට ඇතාගේ සිරුර යොමුකර මරණයට හේතුවූ කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කරන බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාවන්තිස්ස ඇතා ඊයේ(16) පස්වරුවේ මිය ගියහ.
කාවන්තිස්ස , මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකටයි.
ඇතාව ඊයේ(16) පෙරවරුවේ සොයා ගනු ලැබුවේ, සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක පිහිටි වෙල්යායක වැටී සිටියදීයි.
පෙරේදා ප්රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්ස ඇතා එම ස්ථානයේ ඇද වැටී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා පැය 24 පුරා ප්රතිකාර කටයුතුවල නිරතව සිටියහ.
වෛද්ය ප්රතිකාර හමුවේ, ඇතාගේ වෙඩි වැදුණු තුවාලය සුව අතට හැරි තිබුණ ද ආහාර නොගැනීම හේතුවෙන් එම සත්ත්වයා විජලන තත්ත්වයකට පත්ව යළි දැඩි අසාද්ය තත්ත්වයට පත්ව තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයටයි.
ඊයේ(16) රාත්රියේ ඇතාගේ අවසන් කටයුතු පිළිබඳ සාකච්ඡාවක්ද පැවැතියේය.
