.webp)

අද පෙරවරු 11.40 පමණ දිවයින පුරා විදුලි සැපයුම ඇණ හිටියේ ය.
බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක පැවසුවේ, මෙයට නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නොමැති බවයි.
ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ පද්ධතියේ ඇති වූ දෝෂයක් මීට හේතු වන්නට ඇතැයි සැක කරන බව ද ඔහු සඳහන් කළේ ය.
දිවයින පුරා බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ අතර, මේ වනවිට විදුලිය බෙදාහැරීම් කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබේ.
