අකුරණ රිය අනතුර

අකුරණ රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති මිශ්‍රණ රථයේ රියැදුරු අත්අඩංගුවට..

by Staff writer 19-10-2026 | 5:02 PM

COLOMBO(News1st) - අකුරණ කුරුගොඩ 7 කණුව ප්‍රෙදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සිමෙන්ති මිශ්‍රණ රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය අද(19) දහවල් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තවත් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිමෙන්ති මිශ්‍රණ රථයක් පාලනයෙන් ගිලිහි ගොස්, ත්‍රිරෝද රථ 5ක, යතුරු පැදි 4ක, ටිපර් රථයක හා ලොරියක ගැටීමෙන් අනතුර සිදුවුණි.

සිමෙන්ති මිශ්‍රණ රථය ට්‍රාන්ස්ෆෝමරයක ද ගැටී ඇති අතර, අනතුරට ලක් වූ යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.