.webp)
-626181.jpg)
ඒ සැකකරුවන් දෙදෙනා අද මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
වලාන දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් සහ බස්නාහිර පළාතේ වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩාමක් දින කිහිපයක් ගල්ගමුව සහ අවට සිදුකල විමර්ශන ක්රියාවළියකින් පසුව ඊයේ රාත්රියේ එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය පැවසුවේ, බලපත්ර සහිත විදේශ රටක නිපදවූ බෝර 12 ගිනි අවියක් සහ කොටන තුවක්කුවක් සමග උණ්ඩ 24 ක් පොදුජන පෙරමුණේ ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂවරයෙකු වන ආර්.එම් ශාන්ත ධර්මසිරි රත්නායක සතුව තිබී සොයාගත් බවයි.
එම ගිනි අවියට අදාළ බලපත්රයේ කොන්දේසි සීමා ඉක්මවා සැකකරු සතුව උණ්ඩ තිබූ බව පොලිසිය ප්රකාශ කළේය.
බලපත්රයට අදාළව නිකුත්කරන උණ්ඩ 16 න් එක් උණ්ඩයක් පමණක් තිබී හමුවූ බවත් සෙසු උණ්ඩවල හිස් කොපු කිසිවක් සැකකරු සතුව නොතිබූ බවත් පොලිසිය පැවසීය.
සැකකාර ශාන්ත ධර්මසිරි රත්නායක සමග ආර්.එම් ලක්මාල් පද්මකුමාර නමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් වන ජීවී නිලධාරීන්ට භාර දී තිබේ.
ගල්ගමුව අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද සැකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කල අතර විමර්ශන ක්රියාවළියට අදාළව පැහැදිලි කරුණු දැක්වීමක් සිදුකර තිබුනේ නැහැ.
බලපත්ර සහිත ගිනි අවි දෙකක් සැකකරුවන් භාරයේ තිබී සොයාගත් බවත් රටේ පවතින ආන්දෝලනාත්මක තත්ත්වය මත ඇප ලබා නොදෙන ලෙසත් වනජීවී නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ පෙන්වා දුන්නේ කිසිදු පර්වේෂණ සාක්ෂියක් නොමැතිව වනජීවී නිලධාරීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
සැකකරුවන් අලි වැට සකස් කර විධිමත් අයුරින් වගා කටයුතු කරන ගොවීන් බව පෙන්වාදුන් නීතිඥවරයා අලින්ට වෙඩි තැබීමට ඔවුන්ට කිසිදු අවශ්යතාවක් නැතැයි පෙන්වා දුන්නේය.
රටේ පවතින තත්ත්වය සලකා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විරෝධය දැක්වූ නීතිඥවරයා සැකකරුවන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මෙහිදී වනජීවී නිලධාරීන්ගේ ක්රියාකලාපය පිළිබදව අප්රසාදය පලකරමින් කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබානොදීමට තරම් හේතුවක් නොමැති බවයි.
නමුත් කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධව රටේ පවතින කැළඹීම මත සැකකරුවන් 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල මහේස්ත්රාත්වරිය එදිනට කරුණු ඉදිරිපත් කරන ලෙස වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.
