සංජය සමරසිංහ අත්අඩංගුවට

මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සංජය සමරසිංහ අත්අඩංගුවට

by Staff writer 19-10-2026 | 10:50 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සංජය සමරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

අල්ලස් කොමිසම පැවසුවේ සංජය සමරසිංහගේ නිවසේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 18ක මුදලක් සොයාගෙන ඇති බවයි.

එය ලද ආකාරය අනාවරණ කිරීමට නොහැකි වීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගත් බව එම කොමිසම පැවසීය.