.webp)

සැකකරු ගන්දර ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
මාතර, තලල්ල, නාඔටුන්න මුහුදු තීරයේ තිබී ඊයේ අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 561 ග්රෑම් 705ක පමණ තොගයක් සොයා ගැණුනි.
ඒ ලද තොරතුරක් මත නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව, සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි.
උර සහ ගමන්මලු විසි එකක් තුළ ගබඩා කර තිබී එම මත්ද්රව්ය තොගය සොයා ගැණුනි.
උර දහයක් හා ගමන් මලු එකොළහක් තුළ ගබඩා කර තිබූ එම මත්ද්රව්ය සමඟ ඒවා රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම මත්ද්රව්ය තොගයෙහි පාර්සල් දෙසීයක අසුරන ලද අයිස් මත්ද්රව්ය කිලෝ 239 ග්රෑම් 764 ක් පමණ තොගයක් හා පාර්සල් දෙසීය හැත්තෑපහක අසුරන ලද හෙරොයින් මත්ද්රව්ය කිලෝ 321 ග්රෑම් 941ක් පමණ තොගයක් ඇති බවට තහවුරු වී තිබුණි.
ඒ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂාවකදී ය.
මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
