.webp)
 (1)-626537.jpg)
මත්ද්රව්යවල වටිනාකම රුපියල් කෝටි 450කට අධිකයි.
මත්ද්රව්ය තොගය සොයා ගනු ලැබුවේ නාවික හමුදාව සහ වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම මුහුදු ප්රදේශයේ අද (24) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යි.
උර 10 සහ ගමන් මලු 11 සමග මත්ද්රව්ය තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්රාවක් ද එහිදී නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව එම මත්ද්රව්ය තොගය වැඩිදුර පරීක්ෂා කළ අතර එහිදී පාර්සල් 200 අසුරන ලද අයිස් මත්ද්රව්ය 200Kgට අධික තොගයක් සහ පාර්සල් 275 අසුරන ලද හෙරොයින් මත්ද්රව්ය 275Kgට අධික තොගයක් සොයා ගත් බව නාවික හමුදාව ප්රකාශ කළේ ය.
මත්ද්රව්ය තොගය නිරීක්ෂණය කිරීමට අද පස්වරුවේ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල, නියෝජ්ය ආරක්ෂක අමාත්ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු පිරිසක් පැමිණියේ ය.
මේ එහිදි අදහස් දැක්වූ අමාත්ය ආනන්ද විජේපාල...
- උපුටා ගැනීම -
''වෙරළ සංරක්ෂණ බලකායත් ඒ වගේම ශ්රී ලංකා නාවික හමුදාවත් මේ මුහුදේදී කරන මෙහෙයුම් විශාල වශයෙන් තීව්ර කරලා තියෙනවා. මේකේ ප්රතිඵලයක් හැටියට තමයි මේ අතිවිශාල කිලෝ ප්රමාණයක් සමාජගත වීමට ඉඩකඩ තිබුණා. ඒ සියල්ල වළකලා තියෙනවා. මේ රටේ දීර්ඝ කාලයක් නිර්මාණ වෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය හරහා, දේශපාලන ආශිර්වාදය හරහා මේ මත්ද්රව්ය ජාවාරම්කරුවන් ක්රියාත්මක වුණා. වර්තමාන රජය මේ සියල්ලට තිත තියලා තියෙනවා. ඔබ දන්නවා සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායම් 48ක් ඉන්නවා. ඒ 48 සක්රියයි. තවත් 48ක් අක්රිය වෙලා තියෙනවා. මේකට 1000 ගාණක් සාමාජිකයෝ ඉන්නවා. මේවා ඔක්කොම හඳුනාගෙන තියෙන්නේ. තවදුරටත් අපිට හැකියාවක් නැහැ අපේ දරුවන් බිල්ලට දීලා නිහඬව බලාගෙන ඉන්න. ඒ හින්දා මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීති රීති ශක්තිමත් කරන එක අපේ වගකීමක් හැටියට අපි මේ වෙලාවේ සලකනවා''
