දකුණු මුහුදේදී හමු වූ මත්ද්‍රව්‍ය ගැන සැකයක්

දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේට අයත් බවට සැකයක්

by Staff writer 05-11-2026 | 10:38 PM

COLOMBO(News1st) - දෙවුන්දරට ඔබ්බෙන් වු දකුණු මහුදේදි නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශේහාන් සත්සර නොහොත් දෙහිබාලේ නැමැත්තා විසින් මෙරටට ගෙන්වා ඇති බවට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

පොලීසිය සඳහන් කලේ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒමට කටයුතු මෙහෙයවා ඇති සැක කරු පලා ගොස් ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මකයි.

එම බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අද(05) පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනි.

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය.

යාත්‍රාවේ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් 132 ග්‍රෑම් 26ක්.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 57 ග්‍රෑම් 220ක් එහි තිබී සොයා ගැණුනි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ එම මත්ද්‍රව්‍යවල වටිනාකාම රුපියල් කෝටි 420ක් බවයි.

සිදු කළ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව, නාවික හමුදාව දෙවුන්දරට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී නොවැම්බර් පළමු වැනිදා අදාළ නාවික හමුදා භාරයට ගනු ලැබීය.

නාවික හමුදාව පැවසුවේ, එහි සිටි ධීවරයින් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් ගංදර, දෙවුන්දර සහ මිරිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

යාත්‍රාව පසුගිය මස 18 වැනිදා ගන්දරින් මුහුදු ගොස් ඇති අතර, ගැඹුරු මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය තොගය යාත්‍රාවට ලබා ගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.