පාසල් කාලසටහන් සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලසටහන් සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්...

by Staff writer 05-11-2026 | 9:18 AM

COLOMBO (News 1st) - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ ​, එම නව චක්‍රලේඛයේ උපදෙස් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, අධ්‍යාපන ලේකම්වරුන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දෙමිනි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, නව විෂයමාලා ප්‍රතිසංස්කරණ මේ වසර ආරම්භයේදී 01 ශ්‍රේණීය සඳහා ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි

එහි දිගුවක් ලෙස, ලබන වසරේ 02 ශ්‍රේණිය සහ 06 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා ප්‍රතිංස්කරණ හඳුන්වා දීමට නියමිතයි.

එතැන් සිට එම දරුවන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යන්නේ නව විෂයමාලා ප්‍රතිංස්කරණ සමගිනි.

ඒ අනුව නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 05 ශ්‍රේණිය සඳහා ඇතුළත් වන්නේ, මේ වනවිට 01 ශ්‍රේණියේ සිටින දරුවන් 05 ශ්‍රේණියට යන වසර වනවිටයි.

සාමාන්‍ය පෙළට නව විෂයමාලා ප්‍රතිසංස්කරණය ඇතුළත් වෙන්නේ 2030 වසරේදීයි.

උසස් පෙළට නව විෂයමාලා ප්‍රතිසංස්කරණය 2033 දී ක්‍රියාත්මක වනු ඇති.

ලබන වසරේ සිට 1 සහ 2 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 11.45 දක්වා සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ

3 සහ 4 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 1 දක්වා බව, නව චක්‍රලේඛයේ සඳහන්.

05 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වායි.