දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ තිබූ කෝටි 300 මත්ද්‍රව්‍ය

දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවෙන් කෝටි 300කට අධික මත්ද්‍රව්‍ය සොයා ගැනේ..

by Staff writer 05-11-2026 | 9:43 AM

COLOMBO (News 1st) - දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 100ක් සහ හොරොයින් පැකට් 52ක් සොයා ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් චමින්ද වළාකුළුගේ සඳහන් කළේ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 300කට අධික බව නාවික හමුදාව පවසයි.

අදාළ මත්ද්‍රව්‍යවල බර ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මැදිහත්වීමෙනි.

නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වු මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්තේ ය.

අද උදෑසන එම යාත්‍රාව දික්ඕවිට වරයාට රැගෙන ආ අතර අදාළ ධීවර යාත්‍රාව පසුගියදා මුහුදු ගොස් තිබුණේ ගන්දර මුහුදෙනි.