දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි...

පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 30-01-2023 | 3:46 PM

COLOMBO (News 1st) - උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (30)රාත්‍රී සිට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි. 

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අනිද්දා (01) වනවිට නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට ,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්  දෙන්නේ,  අද පස්වරු 6 සිට ඉදිරි පැය 24 දක්වා කාලය තුළ පොතුවිල් සිට මඩකළපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින ලෙසයි.