.webp)
බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දුන්නේ,එම සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඒ හේතුවෙන් ඔහුව අද (30) අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැත.
එම සිසුවියගේ හදිසි මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය,අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී පැවති අතර එහිදී සිසුවියගේ පියා සාක්ෂි ලබා දෙනු ලැබීය.
24 හැවිරිදි සිසුවිය, කොළඹ තුරඟ තරඟ පිටියේ දී තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කෙරුණේ,පසුගිය 17 වැනිදායි.