වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන්..

වී අලෙවි මණ්ඩලයේ ගබඩා 5කින් රු. කෝටි 10ක් වටිනා වී තොග අතුරුදන්: වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

by Staff writer 24-10-2023 | 6:22 AM

COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 5ක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින 3ක් තුළ වාර්තාවක් සපයන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබු රුපියල් කෝටි 10 ක් වටිනා වී තොගයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, කුරුණෑගල සහ තවත් වී ගබඩා කිහිපයක වී සොරකම කර ඇති බවයි.

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.

අදාළ සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

ආයතනික මට්ටමින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ද සභාපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් ය.