.webp)
එම සංවිධානය පවසන්නේ, මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවයි.
ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240කි.
ඒ අතුරින් 4,630ක් දරුවන්ය.
හාමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් පමණ වන බව ඊශ්‍රායල බලධාරීන් පැවසීය.
ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට සම්පුර්ණයෙන් බිඳ වැටී තිබේ.
රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.
එවැනි පසුබිමක ඊයේ තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊයේ ඊජිප්තුවට ළඟා වූ බවය.