.webp)

එම කොමිසම සඳහන් කළේ, යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදු කරන බවයි.
ඉන් අනතුරුව විදුලි බිල අඩු කිරීමේ නිර්දේශ ලබාදෙන බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ය.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ කටයුතු ස්වාධින ආයතනයක් මගින් විගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එහි පාලනාධිකාරිය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.
එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂිතයි.
