.webp)
තරගයේ පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 113 කි.
නවසීලන්තයේ හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිවිනිදු ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 2කට ය.
ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා දැවී ගියේ ය.
කුසල් මෙන්ඩ්ස් නවසීලන්ත තරග සංචාරය තුළ ලකුණු නොලබා අඛණ්ඩව දැවී ගිය දෙවන අවස්ථාව මෙයයි.
හුදෙකලා සටනක නිරත වූ පැතුම් නිස්සංක තම එක්දින ක්‍රිකට් පිටියේ 6 වන අර්ධ ශතකය රැස් කළේ ය.