.webp)
COLOMBO (News 1st) – අද (31) පස්වරුවේ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය භාරයට ගත් සමාජ ක්රියාකාරීන් පිරිස පසුව මුදාහැර තිබේ.
මේ පිරිස පොලිස් භාරයට ගැණුනේ මිරිහාන ප්රදේශයේ දී විරෝධයක් ආරම්භ කිරීමට සැරසෙද්දීයි.
අරගලයේ ක්රියාකාරීන් ඇතුළු පිරිසක් අද (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මෙලෙස පොලිස් භාරයට පත්ව ඇත්තේ, සමාජ ක්රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින් ය.
අනතුරුව පිරිස එම ස්ථානයෙන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළ අතර විරෝධතාව සඳහා පැමිණ සිටි සිවිල් සංවිධාන ක්රියාකාරීන් ඇතුළු පිරිස්, නුගේගොඩ ගුවන් පාලම අසල විරෝධතාවක් ආරම්භ කළේ අද (31) රාත්රියේදීයි.