.webp)

ඒ, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, නාමල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
පසුගිය 16 වැනිදා සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් සිදු කළ ඇප නියෝගය ප්රකාශයට පත් කිරීම සදහා නඩුව අද(23) කැඳවූවේය.
විනිසුරුවරයා නියෝගය ලබා දෙමින් කියා සිටියේ, සැකකරු හට නඩුකරයට අදාළව තම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් තිබුණ ද සැකකරුට තම අධිකරණය හමුවේ ඇති නඩුව හා සමාන නඩුවක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන බවයි.
එම නඩුවට අදාළව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් මේ අවස්ථාවේ සැකකරුගේ ඇප සලකා බැලිය නොහැකි බව ද මහේස්ත්රාත්වරයා පැවසීය.
මන්ත්රීවරයා මේ වනවිට ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ, එම ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි.
