.webp)

එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, ඒ වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති
කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් ය.
මේ අතර අධික වර්ෂාවත් දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීම් යළි දීර්ඝ කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ නොර්වුඩ්,කොත්මලේ,කොත්මලේ බටහිර,අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ශ සදහා නාය යාම් පිළිබද රතු නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර ගාල්ල, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අධියර දෙක යටතේ නාය යාම් අනතරු ඇගවීම් නිකුත් කර තිබේ.
මේ අතර , කළු ගඟ මිල්ල කන්ද ප්‍රදේශයෙන් හා ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, වර්ෂාවත් සමග එම ගංගා දෙපස ජීවත්වන ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි.
