.webp)
ආර්ජන්ටිනාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ මෙම තරගය ආරම්භ වුණේ, මෙන්ඩෝසා ක්‍රීඩාංගණයේදීයි.
එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙහි දකුණු කොරියා කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය.
තරගයේ 22 වැනි මිනිත්තුවේදී එලෙස පළමු ගෝලය රැස් කළේ, ලී සොන් වොන්.
පළමු අර්ධයේදී ප්‍රංශ ක්‍රීඩකයින්ට ගෝල රැස් කිරීමට හැකි නොවූ අතර ගෝල 1ට 0ක් ලෙස කොරියාව එම අර්ධයේ පෙරමුණ ගත්තේ ය.
දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 19ක් වන විට තරගයේ වාර්තා වූ දෙවැනි ගොලයට ද හිමිකම් කීවේ කොරියා කණ්ඩායමයි.
ලී යොංජුන් එම ගෝලය රැස් කළේ ය.
ප්‍රංශ ක්‍රීඩකයින් තරගය තුළ රැස් කළ එකම ගෝලය සටහන් වූයේ තරගයේ 70වැනි මිනිත්තුවේදීය.
දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් එම ගෝලයට හිමිකම් කීවේ ඇලන් යූජිනියුස්.
කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වනවිට ගෝල සටහන් දැක්වුණේ, ගෝල 2ට 1ක් ලෙස කොරියාවට ජය හිමි කර දෙමිනි.
මෙම ජයත් සමග කොරියා කණ්ඩායම එෆ් කාණ්ඩයේ දෙවැනිස්ථානය දක්වා ඉහළට පැමිණියේ ය.