එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, පාලන මිල පැවති කාලයේ සැපයුම් ජාලය බිඳ වැටීම හේතුවෙන් බිත්තර මිල ඉහළ ගිය බවය.
බිත්තර සඳහා පැන වූ පාලන මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේ ය.
අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, බිත්තර සඳහා පාලන මිල ක්‍රියාත්මක වූ පසුගිය කාලයේ සැපයුම්කරුවන් මෙන්ම බිත්තර නිෂ්පාදකයින් ද දැඩී පීඩාවට පත්වූ බවයි.
මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියනයක් දිනපතා මෙරට සිල්ලර වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති අසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, සතොස හා සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අලෙවි කරන බවයි.