සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

by Staff writer 15-09-2023 | 1:01 PM

COLOMBO (News 1st) -  හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

 ක්‍රිකට් ක්‍රීඩක  සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ  ඔහු පසුගිය පසුගිය 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්   අද (15) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

සචිත්‍ර සේනානායක නීතිඥවරයෙකු මාර්ගයෙන් ක්‍රීඩා වැරදි කොට්ඨාසයේ පැවති විමර්ශනයකට  සහභාගි වීමෙන් අනතුරුව එලෙස  අත්අඩංගුවට ගෙන තිබිණ. 

ඒ , තරග පවාදිම සම්බන්ධයෙන් ක්‍රිඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරිම සහ යෝජනා කිරිම ඇතුළු චෝදනා මතයි.

2020 වසරේදී පළමු වරට පැවති ලංකා ප්‍රිමියර්ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දී මෙරට ක්‍රිකට් කීඩකයින් දෙදෙනෙකුට වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවට පෙළඹවීම හා බලපෑම් කිරිම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබේ.