ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

by Staff writer 08-02-2024 | 12:56 PM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.

කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුෂංක, ප්‍රමොද් මධුෂාන් සහ සහන් ආරච්චිගේ ද අද නම් කළ සංචිතයට ඇතුළත්ය.

ශෙවොන් ඩැනියෙල්, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ සහ චාමික කරුණාරත්නද මෙම සංචිතයේ සිය ස්ථානය වෙන් කරගෙන තිබේ.

තරගාවලියේ පළමු එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.