පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 21-10-2024 | 8:00 AM

COLOMBO ( News 1st ) - සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 5කින් ජය ගත්තේ ය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ‍ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

පැය 3 මිනිත්තු 30කට ආසන්න කාලයකින් අනතුරුව වර්ෂාවෙන් පසු යළි තරගය ආරම්භ වුණේ ය.

ඒ අනුව , ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් තුළ ලකුණු 232ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31 පන්දු 5ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදි තරගය ජය ගැනීමට සමත් විය.