ශ්‍රී ලංකාව - කොදෙව් දෙවැනි එක්දින තරගය අද..

ශ්‍රී ලංකාව - කොදෙව් තීරණාත්මක දෙවැනි එක්දින තරගය අද..

by Staff writer 23-10-2024 | 7:16 AM

COLOMBO ( News 1st ) - සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි  එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වේ.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පසුගිය ඉරිදා පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටීයි.

අද(23) තරගය පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.