T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට..

නවසීලන්තය පළමු වරට T20 කාන්තා ලෝක කුසලානයක් ජය ගනී..

by Staff writer 21-10-2024 | 7:32 AM

COLOMBO ( News 1st ) -  පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය පළමු වරට දිනා ගැනීමට නවසීලන්තය ඊයේ (20) සමත් විය.

ඒ , දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 32කින් ජය ගනිමින් ය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 126ක් පමණි.

ඒ අනුව, සොෆී ඩිවයින්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්තය ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් පිටියේ ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳුවේය.