T20 කාන්තා ලෝක කුසලානයේ අවසන් ගැටුම අද

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද..

by Staff writer 20-10-2024 | 2:29 PM

COLOMBO ( News 1st ) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, අද (20) පැවැත්වේ.

ඒ ප්‍රබල නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතරය.

කණ්ඩායම් දෙකම අද තරග බිමට පිවිසෙන්නේ කුළුදුල් පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය, සිය මව් බිමට දිනා දීමේ අරමුණින් ය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

රටේ ප්‍රධාන භාෂාත්‍රයම ආවරණය වන නාලිකාවලට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ අවසන් මහා තරගය ඔබට නැරඹිය හැකිය.