"නිරෝගී සුවය පැතූ හැමෝටම ස්තූතියි"

පිළිකාව හෙළිවීමෙන් පසු චාල්ස් රජු පළමුවරට ජනතාව අතරට

by Hashini De Mel 12-02-2024 | 2:21 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිට තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති බවයි.

ඒ අනුව, චාල්ස් රජු තම බිරිඳ වන කැමිලා සමග දේවස්ථානයෙන් පිටත ඇවිද යන අවස්ථාවේ මහජනතාව වෙත අත දිගු කරමින් සිය ප්‍රතිචාරය දක්වා ඇත.

තමන් රෝගී වූ බව දැන ගැනීමෙන් පසු තමන්ට සහයෝගය දැක්වූ සහ නිරෝගි සුවය පැතූ සැමදෙනාට චාල්ස් රජු ස්තූතිය පළ කළ බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව පසුගියදා බකිංහැම් මාලිගය පළමුවරට ප්‍රසිද්ධියේ නිවේදනය කළේ ය.

රජුගේ පිළිකාව හඳුනාගනු ලැබුවේ, විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා ලන්ඩන් නුවරදී ප්‍රතිකාර ලබමින් සිටියදීය.

නමුත් රජුට වැළඳී ඇති පිළිකාව කුමක්දැයි තවමත් අනාවරණය වී නොමැති බවත් එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බවත් මාලිගය තහවුරු කර තිබේ.

මේ අතර රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම හේතුවෙන් චාල්ස් රජු මහජනතාව හමුවී සිදු කරන සියලු රාජකාරීවලින් ඉවත් වී තිබෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි.