ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන්: තරගය අද තුන්වැනි දිනටත්..

by Staff writer 24-03-2024 | 7:12 AM

COLOMBO (News 1st) –  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරග අද(24) තුන්වැනි දිනටත් සිලෙට්හීදී පැවැත්වෙයි. 

දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 119කි.

නායක ධනංජය ද සිල්වා සහ විශ්ව ප්‍රනාන්දු නොදැවී කඩුල්ලේ රැදී සිටී. 

සත්කාරක බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණූ 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 64 කදී ය.

දිමුත් කරුණාරත්න 36 වන ටෙස්ට් අර්ධ ශතකය සමගින් ලකුණු 52 ක් රැස් කළේ ය. 

ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 211කි.

බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 188 ක් රැස් කළේ ය.