අගමැති අද චීනයේ බෝඕවා සමුළුව අමතයි

අගමැති අද චීනයේ බෝඕවා සමුළුව අමතයි

by Staff writer 28-03-2024 | 5:58 AM

COLOMBO (News 1st) - චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) බෝඕවා සමුළුව ඇමතීමට නියමිත වේ.

ඒ, චීනයේ හයිනාන් ප්‍රාන්තයේදීයි.

අග්‍රාමාත්‍යවරයා හයිනාන් ප්‍රාන්තයේ නායකයින් හමුවීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

ඊයේ (27) අග්‍රාමාත්‍යවරයා හා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් පැවැත්විය. 

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බව එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එහිදී එකඟකාවකට එළැඹී බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.