ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ..

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ..

by Staff writer 28-03-2024 | 6:26 AM

COLOMBO (News 1st) - ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.

ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, බිත්තර මිලියන 4 - 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවයි.

දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 කි.