ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

by Staff writer 28-03-2024 | 12:47 PM

COLOMBO (News 1st) - පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද වසර 4ක සිර දඬුවම් නියම කර තිබේ.

උන් වහන්සේට රුපියල් ලක්ෂයක දඩයක් ද පනවා ඇත.

ඒ හිටපු ආණ්ඩුකාර අසාද්සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම වරදකරු බවට නිගමනය කරමිනි.

පළමු චෝදනාවට වසර දෙකකුත් දෙවන චෝදනාවට වසර දෙකකුත් ලෙස වෙන වෙනව සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා චෝදනා දෙකට වෙන වෙන් වශයෙන් රුපියල් 50,000 බැගින් වූ දඩ මුදල් ද නියම කළේ ය.

භික්ෂුවක් ලෙස ජාතික ආගමික සහජීවනයට හානි වන අයුරින් හැසිරිය නොයුතු බව විනිසුරුවරයා එහිදී අවධාරණය කර තිබේ.