මිසයිල ප්‍රහාරයේ නවතම තත්ත්වය..

සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයේ නවතම තත්ත්වය..

by Staff writer 02-04-2024 | 8:14 AM

COLOMBO (News 1st) - සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගය ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ සාමාජිකයින් 7දෙනෙකු මෙලෙස මියගොස් ඇත.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ ඉරාන කොන්සියුලර් කාර්යාලය ඉලක්ක කරගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල වුණි. 

සිරියානු හමුදාව සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් යානයක් අදාළ ප්‍රහාර එල්ල කළ බවයි. 

කෙසේවෙතත් විදෙස් පුවත් වාර්තාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ ය.

ප්‍රහාරයෙන් කොන්සියුලර් කාර්යාලයේ මහල් ගොඩනැගිල්ලක්, සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.