ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි..

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි..

by Staff writer 14-05-2024 | 6:14 AM

COLOMBO (News 1st) - අද (14) පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල අද මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති වන බවයි.

බස්නාහිර පළාතෙත් උදෑසන කාලයේදී වැසි ඇති වන බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ප්‍රදේශ කිහිපයකට පැන වූ නායයාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් ⁣කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.