ගුවන් යානා නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න...

ගුවන් යානා මිලදී ගැනීමට අදාළ 2020 නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන්නැයි නීතිපතිවරයාගෙන් CIDයට උපදෙස්!

by Staff writer 12-09-2026 | 4:21 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමට අදාළව පවතින නඩු දෙකෙන් 2020 - එනම් මුලින්ම - පැවරු නඩුවේ ද සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු දෙකක් මේ වනවිට විභාග වෙමින් තිබේ.

ඒ ශ්‍රී ලංකන් ගුවන් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2020 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026 සැප්තැම්බර් 04 පැවරු නඩුව යන නඩු දෙකයි.

ඉන් මුලින් පැවරු නඩුව වන 2020 නඩුවට අදාලව සැකකරුවන් ලෙස මුලින් නම් කර සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනායි.

පසුව 2026 පෙබරවාරී 2 වැනිදා හිටපු කතා නායක චමල් රාජපක්ෂගේ පුත්‍රයෙකු වන ශමීන්ද්‍ර රාජපක්ෂද තුන්වැනි සැකකරු ලෙස නම් කෙරුණි.

ශමීන්ද්‍ර රාජපක්ෂට මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සිමගොස් තිබේ.

මෙම නඩුවේ චෝදනා අතර දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිද වන නියෝමාලි විජේනායක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සිංගප්පුරුවේ බ්‍රිස් සොලියුෂන් නම් සමාගමකට 2013 දෙසැම්බර් 27 වැනිදා එයා බස් සමාගමේ මව් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් බැර කර ඇති බවයි.

විමර්ශනවලින් අනාවරණය වූ වැදගත් කරුණක් නම් පසුව එම මුදල් අවස්ථා 4 දී කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු කොමන්වෙල්ත් බැංකු ගිණුමකට මාරු කර ඇති බවයි.

මේ වනවිට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී අත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙසයි.

මෙම නඩුව පෙබරවාරි අවසානයේ කැඳවූ අවස්ථාවේ මෙම නඩු ගොණුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනි.

නාමල් ආරපක්ෂ- සැකකරුවෙකු ලෙස නම්කරන්නැයි නීතපතිවරයා උපදස් ලබාදී ඇත්තේ ඒ අනුවයි.

ඒ අනුව මෝසමක් මගින් එළැඹෙන සතියේ කොටුව මහේස්ත්‍රාත් අධීකරණයේ ඇති නඩුව කැඳවා නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිතයි.

එහෙනම් මොකක්ද මේ අවුරුද්දේ අල්ලස් කොමිසම පැවරූ අනෙක් නඩුව?

නාමල් රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ 2026 සැප්තැම්බර් 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ නඩුවට අදාළවයි.

එම නඩුවේ චෝදනාව වන්නේ ශ්‍රී ලංකන් එයා ලයින් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාලව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමයි.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යනා මිලදී ගැනීමේදී සිදු වූයේ යැයි කියන අල්ලස් ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණය යන සිදුවීම්වලට අදාළ නඩු දෙකේම නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කෙරුණු ඇති....