.webp)
COLOMBO (News 1st) - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවයෙන් දැඩි කම්පනයට පත් වූ බව සිය x ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති රයිසි ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වූ අතර, ඉරාන ජනතාව වෙනුවෙන් ඔහුගේ නායකත්වය සහ කැපවීම සදා මතකයේ රැඳෙනු ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.